මුල් පිටුව special Raid Amazones -2023 වෙනුවෙන් ක්‍රීඩිකාවන් පැරිසියේ සිට දිවයිනට

Raid Amazones -2023 වෙනුවෙන් ක්‍රීඩිකාවන් පැරිසියේ සිට දිවයිනට

0

ශ්‍රීලංකන් ගුවන් සමාගම සංවිධානය කරන ‘Raid Amazones 2023’ තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් අද උදෑසන (20) පැරිසියේ සිට දිවයිනට පැමිණෙන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 564 දරණ ගුවන් යානයෙන් ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ලඟා වූහ. එම පිරිසි පිළිගැනීම සඳහා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද ශ්‍රීලංකන් ගුවන් සමාගම සංවිධානය කර තිබුණි.

ඉන් අනතුරු මෙම පිරිස නුවර බලා දුම්රියේ නැගී ගමන් කිරීමට ගම්පහ දුමිරිය ස්ථානයට පිටත්ව යන ලදී. උදෑසන 9.00 පැමිණි උඩරට මැණිකේ දුම්රියට ගොඩ වූ මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන් උඩරට මැණිකේ දුම්රියේ නැගී දර්ශනීය කන්ද උඩරට අසිරිය විඳගනිමින් නුවරට ලඟාවූහ.

ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක ධාවන තරඟය වන ‘Raid Amazones 2023’ තරඟාවලිය මාර්තු මස 22 වන දින සිට මාර්තු 28 දක්වා මහනුවර දී පැවැත්වීමට සැලසුම්කර තිබේ . මෙම තරඟාවලිය සඳහා මෙවර ක්‍රීඩිකාවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version