මුල් පිටුව උණුසුම් පුවත් අදින් ඉවරයි – පුංචි ආණ්ඩු බලය වෙන අතකට

අදින් ඉවරයි – පුංචි ආණ්ඩු බලය වෙන අතකට

0

දිවයිනේ පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ප්‍රමාදවී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් තවදුරටත් පවතී.

මේ අනුව නිල කාලය අවසන් වීම නිසා මහනගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට පැවරේ.

නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම සභාවල ලේකම්වරුන් යටතටද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පත් කෙරිණ.

සියලුම රජයේ දේපළ නැවත බාරදෙන ලෙස නිල කාලය අවසන් වූ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට රජය ඊයේ නිල වශයෙන් දැනුම්දී තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version