මුල් පිටුව උණුසුම් පුවත් මේ මස අගදීත් තැපැල් ඡන්දෙ නෑ!

මේ මස අගදීත් තැපැල් ඡන්දෙ නෑ!

0

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම නිසා මේ මස අගදී තැපැල් ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ මුද්‍රණාලයෙන් අද පස්වරුව වන තෙක් මැතිවරණ කොමිසමට තැපැල් ඡන්ද පත්‍රිකා ලැබී නොතිබිණ.

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබුණේ තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන වලට බෙදා හැරීම සඳහා ලබන අඟහරුවාදා තැපෑලට භාරදීමට ය.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28, 29,30 යන දිනවල දී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබිණ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version