මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට ජනපතිගෙන් විවෘත ලිපියක්

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට ජනපතිගෙන් විවෘත ලිපියක්

0

ශ්‍රී ලංකාවේ නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින විවෘත ලිපියක් යොමුකර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළව, ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වෙත යොමු කරන ලද එම විවෘත ලිපිය මගින් ජනාධිපතිවරයා, රටේ ණය අර්බුදය විසඳීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කරගැනීම උදෙසා පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමට කළ දැඩි කැපවීම පිළිබඳවද සිහිපත් කර තිබේ.

“රාජ්‍ය ණය තත්ත්වය කඩිනම් විසදීම සඳහා ඔවුනොවුන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමටත් මම ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් දිරිමත් කරමි.” යැයි ජනාධිපතිවරයා සිය ලිපිය පිළිබඳ අදහස් දක්වමින් කියාසිටී.

ජනාධිපතිවරයා විසින් නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.

Open Letter of HE - Final - 14.03.2023
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version