මුල් පිටුව උණුසුම් පුවත් අවසන් පන්දුවේ ජය නවසීලන්තයට

අවසන් පන්දුවේ ජය නවසීලන්තයට

0

ක්‍රයිස්චර්ච් හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත්විය.

තරගය සමව පැවැති අවස්ථාවේ දිනයේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ ඉලක්කය වැරදී යාම නිසා දුවද්දී දවා ගැනීමට තිබු අවස්ථාවත් ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගය දක්වා යාමට තිබූ අවස්ථාවත් දෙකම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

නවසීලන්ත ඉනිම වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී අද දිනයේ ආරම්භ වුව ද කඩුලු 8ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් සමත් වූයේය. කෙන් විලියම්සන් නොදැවී ලකුණු 121 ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

තරගයේ වීරයා සම්මානය ඩැරී මිචෙල්ට හිමිවිය. ඔහු පළමු ඉනිමේ ලකුණු 102 සහ දෙවැනි ඉනිමේ ලකුණු 81ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව ලකුණු 355 සහ 302

නවසීලන්තය ලකුණු 373 සහ 285/8

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version