මුල් පිටුව උණුසුම් පුවත් ගෙට බෝම්බයක් දමා අම්මෙකුයි දුවෙකුයි අමාරුවේ දාන්න හැදූ පුද්ගලයෙක් සොයයි

ගෙට බෝම්බයක් දමා අම්මෙකුයි දුවෙකුයි අමාරුවේ දාන්න හැදූ පුද්ගලයෙක් සොයයි

0

රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන මවක් සහ දියණියක් පදිංචිව සිටින නිවසකට අත්බෝම්බයක් දමා එම නිවසේ බෝම්බ ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් දී එම දියණිය සහ මව පොලිස් අත්අඩංගුවට පත්කිරීමට කළ උත්සහයක් සම්බන්ධයෙන් කුට්ටිගල පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

කුටිටිගල පොලිස් වසමේ පදලංගල පිහිටි මෙම දියණිය හා මව පදිංචිව සිටින නිවසේ බෝම්බයක් ඇති බවය 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී තිබුණේ පසුගිය ජනවාරි 19 වෙනිදා උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂාවක් කර ඇතත් එවැනි බෝම්බයක් එහි තිබී හමුවී නැත.

මේ අතර එම මවත් දියණියත් එක්ව පෙරේදා නිවස පිරිසිදු කිරීමේදී අබිලි ද්‍රව්‍ය ඇති ස්ථානයේ තිබුණු පැරණි පොත් දමා ඇති පෙට්ටියක තිබී සැකකටයුතු යමක් දැක ඒ බව කුට්ටිගල පොලීසියට මව විසින් දැනුම්දීමක් කර තිබේ. ඒ අනුව පොලීසිය පැමිණ එය පරීක්ෂා කර අත්බෝම්බයක් බව තහවුරු කරගෙන ඇත.

පොලීසිය පවසනුයේ මෙම නිවසට අත්බෝම්බයක් දැමූ පුද්ගලයා විසින් 119 හදිසි ඇමතුම් අංශයට පසුගිය ජනවාරි 16 වෙනිදා දුරකතන ඇමතුම දී ඇති බව පෙනී යන බවය. ඒ අනුව එම පුද්ගලයා හදුනාගෙන ඔහුට එරෙහිව පියවර ගැනීමට විමර්ශන පවත්වන බවද පොලීසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version