කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ලාබාලතම කළු ජාතික මහාචාර්යවරයා බවට ඉතිහාසයට එක්වෙමින් ජේසන් ආර්ඩේ එහි අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පත් කර තිබේ.
ඒ අනුව 37 හැවිරිදි ජේසන් ආර්ඩේ මාර්තු 6 වන දින කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඔහුගේ ගමන වඩාත් කැපී පෙනෙන්නේ අර්ඩේට වයස අවුරුදු 18 වන තෙක් කියවීමට හෝ ලිවීමට නොහැකි වූ අයෙකු වීමයි.
එපමණක් නොව ඔටිසම් රෝගයට මෙන්ම සහ ශාරීරික හා මානසිකව සංවර්ධන ප්‍රමාදයන් හඳුනාගෙන ඇති අයකු ලෙස ඔහුට වයස අවුරුදු 11 වන තෙක් කතා කිරීමට පවා නොහැකි වූ අයෙක් ලෙස වෛද්‍යවරුන් ඔහු හඳුනාගෙන තිබුණි.
‘ඇයි සමහර මිනිස්සුන්ට ගෙවල් නැත්තේ?’ ඔහු පුදුමයට පත් වූ බව මතකය. ‘ඇයි යුද්ධයක් තියෙන්නේ?’ මේ තරුණ ආර්ඩේට නැඟුණු ප්‍රශ්න ය.
නිරිතදිග ලන්ඩනයේ ක්ලැෆම් හි උපත ලබා හැදී වැඩුණු, ආර්ඩේ පවසන්නේ, නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් වන ආකාරය රූපවාහිනියෙන් නැරඹීම සහ 1995 රග්බි ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවේ සංකේතාත්මක ජයග්‍රහණය නැරඹීම තමා තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ සන්ධිස්ථාන බවයි.
‘මම පාපන්දු ක්‍රීඩකයෙකු හෝ වෘත්තීය ස්නූකර් ක්‍රීඩකයෙකු නොවෙනවා නම්, මම ලෝකය බේරාගන්න එක හරි කරන්න ඕන කියලා මම හිතපු හැටි මට මතක් වෙනවා’ ඔහු පවසයි.
ඔහුගේ ආත්ම විශ්වාසය සහ කුසලතා වර්ධනය කිරීම සඳහා ඔහුගේ මව අතිවිශාල කාර්යභාරයක් ඉටු කළේය.
ඇය ඔහුට පුළුල් පරාසයක සංගීතය හඳුන්වා දුන්නේ මෙය ඔහුගේ කථනය, භාෂාව හැඩගැස්වීමට උපකාරී වනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
එමගින් ඔහුගේ සිතුවිලි ජනප්‍රිය සංස්කෘතිය කෙරෙහි ජීවිත කාලය පුරාම උනන්දුවක් ඇති කරන්නක් විය.
ඔහුගේ උපදේශක, විද්‍යාල උපදේශක සහ මිතුරා වන සැන්ඩ්‍රෝ සැන්ඩ්‍රිගේ සහාය ඇතිව, ආර්ඩේ අවසානයේ ඔහුගේ නව යොවුන් වියේදී කියවීමට හා ලිවීමට පටන් ගත්තේය.
ඔහු ශාරීරික අධ්‍යාපනය පිළිබඳ ගුරුවරයෙකු ලෙස පුහුණුවීමට පෙර සරේ විශ්ව විද්‍යාලයෙන් ශාරීරික අධ්‍යාපනය සහ අධ්‍යාපන අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.
වයස අවුරුදු 22 දී, ආර්ඩේ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමේ අදහස ගැන උනන්දු වූ අතර ඔහුගේ උපදේශකයා සමඟ ඒ ගැන කතා කළේය.
‘මම හිතන්නේ ඔයාට මේක කරන්න පුළුවන්. මම හිතන්නේ අපට මේකෙන් ලෝකය දිනන්න පුළුවන්’ යැයි සැන්ඩ්‍රෝ මට කිව්වා’ ආර්ඩේ පවසයි.
‘ආපසු හැරිලා බලනකොට එදා තමයි මම මුලින්ම මාව විශ්වාස කළේ. බොහෝ විද්වතුන් කිව්වේ ඔවුන් මෙම කාර්යයට පැකිළුණු බවයි. නමුත් ඒ මොහොතේ සිට මම අධිෂ්ඨානශීලීව සහ අවධානය යොමු කළා. මෙය මගේ ඉලක්කය බව මම දැනගත්තා’ ආර්ඩේගේ මුවෙහි අභිමානයක ස්වරූපයක් දිස්වෙයි.
කෙසේ වෙතත්, ශාස්ත්‍රාලිකයෙකු වීමට ඉගෙන ගැනීම ඉතා අපහසු විය, විශේෂයෙන් ඔහුට එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් හෝ මග පෙන්වීමක් නොතිබූ බැවිනි.
‘මම ප්‍රශ්න පත්‍ර ලිවීමට පටන් ගත් විට, මම කරන්නේ කුමක්දැයි මට අදහසක්වත් තිබුණේ නෑ’ ඔහු පවසයි.
‘මට උපදේශකයෙකු හිටියේ නෑ, කිසිවෙකු මට ලිවීමට ආකාරය පෙන්වා දුන්නේ නෑ. මම ඉදිරිපත් කළ හැම දෙයක්ම දැඩි ලෙස ඔවුන් ප්‍රතික්ෂේප කළා.’
ආර්ඩේ අධ්‍යාපනික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති සුදුසුකම් දෙකක් සහ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ගියේය.
ඔහු සමාජ විද්‍යාඥයෙකු බව දැනගත්තේ කවදාදැයි ඇසූ විට ඔහු පවසන්නේ ඒ 2015 දී පමණ විය හැකි බවයි.
වසර අටකට පසු, ඔහු කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය පිළිබඳ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු බවට පත්ව තිබේ.
උසස් අධ්‍යාපනය තුළ වාර්ගික සුළුතරයන් ලෙස සැළකෙන කළු, ආසියානු සහ සුළු වාර්ගික ජනතාවගේ නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා මහාචාර්ය ආර්ඩේට විශේෂ උනන්දුවක් ඇත.
‘මගේ කාර්යය ලෙස මම මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අවාසි සහගත පසුබිම්වලින් පැමිණෙන වැඩි පිරිසකට දොරටු විවෘත කරන්නේ කෙසේද? සහ උසස් අධ්‍යාපනය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි’ ඔහු පවසයි.