මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලංකන් ගුවන් සේවය SATTE -2023 ප්‍රදර්ශනයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය SATTE -2023 ප්‍රදර්ශනයට එක්වෙයි

0
ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන SATTE 2023 හි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රදර්ශන කුටිය

ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන දකුණු ආසියා සංචාරක සහ චාරිකා හුවමාරු (SATTE) ප්‍රදර්ශනය සඳහා පසුගියදා එක්විය. 2019 වසරෙන් පසු නවැත වරක් ගුවන් සේවය මෙම සංචාරක ප්‍රදර්ශන සඳහා එක්වූ අතර ඒ හරහා ඉන්දියාවෙන් පිටතට යන සංචාරක ව්‍යාපාරය සඳහා නැවත සම්බන්ධතා අලුත් කරගැනීමට හැකිවිය.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2023 පෙබරවාරි 9 සිට 11 දක්වා ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටියක් පවත්වාගෙන ගිය අතර, එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ජාතික ප්‍රයත්නයට සහය වීමට අවස්ථාව උදා වූහ. ගුවන් සේවය වෙත පැමිණෙන සංචාරක නියෝජිතයින්, සංචාරක ක්‍රියාකරුවන් සහ අනෙකුත් කර්මාන්තයේ නියැලී සිටින්නන්ගේ සහයෝගය සාර්ථක ලෙස ලබා ගැනීමටද මෙම ප්‍රදර්ශනය ඉවහල් විය.

කෙටි ගමන් කාලය සහ ඔවුන්ට සමාන සංස්කෘතියක් පැවතීමත් නිසා ඉන්දියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රධනතම හේතුවක් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය බොහෝවිට දෙරට අතර සංචාර සඳහා ප්‍රියමනාප මාර්ගයකි. එසේම පුළුල් ඉන්දියානු ජාලය සහ අසමසම ගුවන් ගමන් සංඛ්‍යාත සහ ඉන් ඔබ්බට ඇති සම්බන්ධතා ද ඊට හේතුවිය. නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු ගනුදෙනුකරුවන් පිළිගැනීමට ගුවන් සමාගම හොඳින් සූදානම් වී සිටින අතර, SATTE 2023 හි නියෝජිතයන් වෙත යොමු කරන ලද මූලික පණිවිඩය ද එය විය.

ශ්‍රීලංකන් සිය වාණිජ අරමුණු සඳහා සහය වීමට, පසුගියදා ඉන්දියාවේදී හඳුන්වා දුන් ශ්‍රීලංකන් හොලිඩේස් පැකේජය වන ‘Dil full of Sri Lanka’ සඳහා ප්‍රබෝධයක් ලබා දීම සඳහා SATTE ප්‍රදර්ශණය වැදගත් වේදිකාවක් විය. දින තුනක පැකේජයක් වන එය ගුවන් සමාගමේ පහසු සේවාව සහ තරු හතරේ හවුල්කාර හෝටල් ජාලයන්හි අසමසම අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසයි.

ශ්‍රීලංකන් සිය ඉන්දීය පාරිභෝගිකයන් වෙනුවෙන් දැනට කොළඹ සහ ඉන්දීය ගමනාන්ත නවයක් අතර සතිපතා ගුවන් ගමන් 80 ක් ක්‍රියාත්මක කරයි. බැංගලෝරය, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොචින්, මදුරෙයි, මුම්බායි, තිරුචිරප්පල්ලි සහ තිරුවානන්තපුරම් සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කොළඹට සහ ඉන් ඔබ්බට පියාසර කරන විට බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් අපේක්ෂා කළ හැකිය. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version