මුල් පිටුව උණුසුම් පුවත් උසස් පෙළ ප්‍රතිඵල එන දවස -උත්තර බලන ගුරුවරුන්ට ගෙවන ගාන ගැන අලුත්ම...

උසස් පෙළ ප්‍රතිඵල එන දවස -උත්තර බලන ගුරුවරුන්ට ගෙවන ගාන ගැන අලුත්ම තත්වය

0

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මස අවසානයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අයදුම් නොකිරීමෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බව විභාග කොමසාරිස්වරයා සදහන් කළේ ය.

මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ  ගුරුවරුන්ට ලබාදෙන දෛනික දීමනාව ප්‍රමාණවත් නොවීමයි.

මේ වන විට ගුරුවරුන්ට රු. 500 ක දීමනාවක් ලබාදෙන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ගුරුවරුන් සදහන් කර තිබේ.

එම දීමනාව රුපියල් 3000 ක් දක්වා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්ත ද එය පොරොන්දුවලට පමණක් සීමා නොකර චක්‍රලේඛයක් ලෙස නිකුත් කළ යුතු බව ගුරු සංගම් පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version