මුල් පිටුව උණුසුම් පුවත් බෙන්තොට විහාරස්ථානයකින් කඟවේන් අඟක් සොරාගත් හිමිනමක් අත්අඩංගුවට

බෙන්තොට විහාරස්ථානයකින් කඟවේන් අඟක් සොරාගත් හිමිනමක් අත්අඩංගුවට

0

බෙන්තොට යාත්‍රාමුල්ලේ පිහිටි වනවාස රජමහා විහාරස්ථානයේ තිබුණු කඟවේනා අඟක්, ඇත් දළ වලින් කැටයම් කළ විජිනිපත් මිටි 03ක් ඇතුළු කෞතුක භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේම වැඩ සිටි භික්ෂුවක් බෙන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භාණ්ඩ වසර ගණනාවක් තිස්සේ විහාරස්ථානයේ තිබුණු ඒවා බව සඳහන්ය.

අත්අඩංගුවටගත් භික්ෂුවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම භාණ්ඩ අලෙවි කිරීමට සොරාගත් බවයැයි පොලීසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version