මුල් පිටුව උණුසුම් පුවත් ‘විදුලි බිල වැඩිකරද්දී අඛණ්ඩව විදුලියත් සපයන්න’ -ජනපති නියෝගයක්

‘විදුලි බිල වැඩිකරද්දී අඛණ්ඩව විදුලියත් සපයන්න’ -ජනපති නියෝගයක්

0

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද, විදුලි බිල වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමත් සමඟ විදුලි පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

එමෙන්ම විදුලි බිල වැඩිකිරීමත් සමඟ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමට සහ ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version