මුල් පිටුව special සැඟව ගිය හද ගැහෙන හඬ ඇසුණු ආදරවන්තයෝ..

සැඟව ගිය හද ගැහෙන හඬ ඇසුණු ආදරවන්තයෝ..

0

ගිනිකොණදිග තුර්කියට සහ උතුරු සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් පසු සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සොයා ගැනීම සඳහා මෙහෙයුම්වලට සහභාගි වූ ආරක්ෂක අංශවල සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වල සුනඛයන් දිවා රෑ නොබලා ජීවිත ගණනාවක් බේරාගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සහජයෙන් ලද ඉවත්, තීක්ෂ්ණ බුද්ධියත් නොඅඩුව පිහිටි මෙම සුනඛ නිලධාරීන් ලබා ඇති මනා  පුහුණුවෙන්, මෙම ව්‍යසනයේදී බොහෝ විපතට පත් වූවන් බේරා ගැනීමට සමත් වී ඇත.

මිනිසකුට යා නොහැකි සුන්බුන් අතරට පවා රිංගා සැඟවුණු හද ගැහෙන බොහෝ පිරිසක් සොයාගත්, මේ කකුල් හතරේ ආදරණීයයන් භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට බලාපොරොත්තුව සහ සැනසීම ද ගෙන දුන්හ.

තුර්කි-සිරියා දේශසීමාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 34000 ඉක්මවා තිබේ. දහස් ගණනක් තුවාල ලබා ඇති අතර ලක්ෂ ගණනක් පීඩාවට පත්ව ඇත. 150කට වැඩි පසුකම්පන සිදුවී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version