මුල් පිටුව උණුසුම් පුවත් නීතිපතිගේ රහස් ගොනු ඉස්සූ ලිපිකරු CID දැලේ

නීතිපතිගේ රහස් ගොනු ඉස්සූ ලිපිකරු CID දැලේ

0

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති දත්ත පද්ධතියේ ඇති සංවේදී තොරතුරු ඇතුලත් රහස්‍ය තොරතුරු රැසක් අනවසරයෙන් ලබාගත් එම දෙපාර්තමේන්තුවේම සේවයේ නිරතව සිටි ලිපිකරුවෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු දූනගහ, සායක්කාරමුල්ලේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මේ ගැන පැමිණිල්ල ලැබී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙසේ රහස්‍ය තොරතුරු සොරාගත්තේ ඇයිදැයි කියා මේ වන විට විමර්ශනයක් සිදුවෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version