මුල් පිටුව දේශීය පුවත් GOSSIP ‘හැමදාම මගේ වෙන්න..’ ළඟදීම..

‘හැමදාම මගේ වෙන්න..’ ළඟදීම..

0

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත තවත් නවතම ගීතයක් ලබන 12 වැනිදා පස්වරුවේ Youtube සමාජ ජාලය ඔස්සේ එළිදැක්වීමට නියමිතයි.

‘හැමදාම මගේ වෙන්න මගෙ රත්තරන්..’ නමින් මෙම ගීතයේ Official TikTok Trailer මේ වනවිට නිකුත් වී ඇත.

ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන මෙම ගීතයේ සංගීතවත් කර ඇත්තේ ප්‍රවීන සංගීතඥ සුරේෂ් මාලියද්ද විසිනි.

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන පූජනී සහ සචින් රඟදක්වන සුන්දර වීඩියෝපටයක් මෙම ගීතයට නිර්මාණය කර ඇත්තේ දක්ෂ වීඩියෝ නිර්මාපකයකු වන සන්දේශ් බණ්ඩාරයි.

ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මීට පෙර ද, දශක ගණනාවක් ගෙවූ සිය හමුදා ජීවිතයේ සැබෑ අත්දැකීම් අළලා අපූර්වතම ගීතයක් රචනා කොට එළිදැක්වීය.

දක්ෂ ලේඛකයකු ද වන ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නව නිර්මාණයට NewsWave.lk අපගෙන් සුබපැතුම්!

සම්පූර්ණ ගීතය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version