මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් දිගන දරුවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක්

ශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් දිගන දරුවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක්

0

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් Liquid Island සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව දිගන මහබේරියතැන්න දෙමළ විද්‍යාලයේ දරුවන් සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කඳවුරක් පසුගියදා සංවිධානය කරන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස් පසුගිය වසර පුරාවට දිවයින පුරා වෛද්‍ය කඳවුරු කිහිපයක්ම සංවිධානය කර ඇති අතර, ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ සැපයුම් හිඟ වෙමින් පවතින සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ශ්‍රීලංකන් කෙයාර්ස්ට හැකි විය.

මහබේරියතැන්න දෙමළ විද්‍යාලයේ සිසුන් 350 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩු ආදායම්ලාභී පවුල් පසුබිමක් ඇති අය වේ.

දක්ෂ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක සහය ඇතිව ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් සිසුන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ට ද නොමිලේ සෞඛ්‍ය පරීක්‍ෂණ, දෘෂ්ඨි පරීක්‍ෂණ, විවිධ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස් සමාජ වගකීම් වැඩසටහන් යටතේ සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව හඳුනාගෙන තිබේ.

ශ්‍රීලංකන් කෙයාර්ස් ආරම්භයේ සිටම, වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය ලබා දීම අරමුණු කරගත් ප්‍රජා ව්‍යාපෘති සංවිධානය කිරීම හරහා ශ්‍රී ලංකාවේ අසරණ දරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ ජාතික ගුවන් සේවයේ ඉලක්කය ඉදිරියට ගෙන යාමට පුළුල් ලෙස කටයුතු කර ඇත.

ශ්‍රීලංකන් කෙයාර්ස් පිළිබඳ වැඩි විස්තර සඳහා www.srilankan.com/cares වෙත පිවිසෙන්න.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version