මුල් පිටුව උණුසුම් පුවත් උසස් පෙළ විභාග කාලයේ විදුලි කප්පාදු අනුමත කරන්නේ නෑ – PUCSL

උසස් පෙළ විභාග කාලයේ විදුලි කප්පාදු අනුමත කරන්නේ නෑ – PUCSL

0

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙබරවාරි 17 වනදා දක්වා සිදුකිරීමට නියමිත කිසිදු විදුලි කප්පාදුවක් අනුමත නොකරන බව උපයෝගීතා කොමිසම පවසයි.

මෙම කාල සීමාව තුළ එවැනි විදුලි කප්පාදුවක් අනවසර සහ නීති විරෝධී ලෙස සලකනු ලබන බව එම කොමිසම නිවේදනය කරයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට වැඩි පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවද එම කොමිසම දන්වා සිටී.

අපේක්ෂිත වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ජල කළමනාකරණ ලේකම් කාර්යාලය ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවලින් ජලය නිකුත් කිරීම සීමා කර ඇත.

එබැවින් අද සහ හෙට පැය 2 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version