මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රකාශකයින් 25 දෙනෙකුගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

ප්‍රකාශකයින් 25 දෙනෙකුගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

0

මුද්‍රිත පොත්වල පී.ඩී.එෆ් පිටපත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නීති විරෝධි ලෙස බෙදා හැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ප්‍රකාශකයින් 25 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලි ඉදිරිපත්කර තිබේ.

එම ප්‍රකාශකයින් සිය පැමිණිලිවලින් පෙන්වා දී ඇත්තේ සිය ප්‍රකාශන පී.ඩී.එෆ්.කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවය.

ඊට ට සම්බන්ධ පුද්ගලයින් ගැන සහ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු පවා පැමිණිලිවල සඳහන්ය.

පොත්වල වෙළඳාමත් ඉතා වේගයෙන් පහත බැස ඇති මොහොතක ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ගෲප්, ෆෙස්බුක් ගෘෘප්, සහ වෙබ් අඩවි වල අවසරයකින් තොරව මුද්‍රිත පොත් ප්‍රදර්ශනය කර ඇති බව මෙන්ම දිනකට අතිවිශාල පිරිසක් අතරේ හුවමාරු වෙමිනුත් පැවතීම තමන්ට දැඩි හානියක් බවද එම පැමිණිලිවල වැඩිදුරටත් සඳහන්ය.

පවතින ආර්ථික උද්ධමනකාරී පසුබිමක මුද්‍රිත පොත් බොහෝ පාඨකයින් මෙවන් නීත්‍යානුකුල නොවන අයුරින් ප්‍රකාශිත මෙම පිටපත් කියවීමට හුරු වී සිටින බව මෙන්ම එය මුද්‍රිත පොත් වෙළදාමට මෙන්ම කර්මාන්තයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවද පැමිණිලිවල සඳහන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version