මුල් පිටුව උණුසුම් පුවත් දිවි දෙකක් අහිමිකළ උප්පැන්නය

දිවි දෙකක් අහිමිකළ උප්පැන්නය

0

තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක පිළිගැනීමේ කවුන්ටරය අසල බාල්කයක එල්ලී යුවලක් ඊයේ රාත්‍රීයේදී සියදිවි හානිකරගෙන තිබේ.

කුඩා කල සිටම මෙම හෝලයේ හැදී වැඩී හෝටලය බලා කියා ගන්නා 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් සහ ඔහුගේ පෙම්වතිය වන 17 හැවිරිදි තරුණියක් මෙසේ සියදිවි හානිකරගෙන ඇත.

තංගල්ල පොලීසිය පවසන්නේ ඊයේ රාත්‍රීයේදී තරුණයා ත්‍රීරෝද රථයකින් ගොස් අම්බලන්තොටින් මෙම තරුණියව රැගෙන විත් මෙසේ සියදිවි හානිකරගෙන ඇති බවය.

මෙම තරුණයාගේ පියා නොමැති බවත් මව කුඩා කල ඔහුව හෝටලයට භාරදී තිබී ඇති බවත් පොලීසිය කියයි.

මෙම තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති බවත් ඒ නිසා ජාතික හැදුණුම්පතක් ලබාගැනීමට පවා ඔහුට හැකියාවක් ලැබී නැත.

හැදුණුම්පත නොමැතිකම නිසා මෙම යුවලට විවහාවීමට අවස්ථාවක් ලැබී නැති බව පොලීසිය කියයි. ඒ ගැන කළකිරීමකින් සිටි මෙම යුවල එය මුල්කරගෙන සියදිවි හානිකරගෙන ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇති බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version