මුල් පිටුව දේශීය පුවත් දියමත සිදුකරන හම්බන්තොට වරායේ නෞකා අලුත් වැඩියාව

දියමත සිදුකරන හම්බන්තොට වරායේ නෞකා අලුත් වැඩියාව

0

හම්බන්තොට ජාත්‍යන්තර වරාය දියමත සිදුකරන නෞකා අලුත් වැඩියා කටයුතු සඳහා කොළඹ ඩොක්යාඩ් පීඑල්සී සමාගමට සහයවීමේ වැඩසටහනකට එළඹ ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග, ඩොක්යාඩ් සමාගම නොයෙකුත් ආකාරයේ නෞකා අලුත් වැඩියා කටයුතු වරාය තුළ සිදුකරන අතර, අලුත් වැඩියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත යොමුකර ඇති නෞකා බොහෝමයක හානියට ලක්වූ කොටස් මුහුදු මට්ටමෙන් පහළවිය. ඩොක්යාඩ් සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි සේවා සහය සමග මෙම නෞකා සඳහා ස්ථිර අලුත්වැඩියා සේවා සපයයි.

“සාමාන්‍යයෙන් මෙවැනි අලුත් වැඩියා කටයුතු සඳහා, ජලය රහිත නැව් තටාකාංගන වෙත හානි වූ නෞකා රැගෙන යායුතුයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතුව ඇති නැංගුරම් පළ පහසුකම් සහ අපගේ විශේෂඥ ප්‍රවීණතාවය සමඟ නැව් දියමත තිබියදී මෙවැනි අලුත් වැඩියා කටයුතු වරායේදීම කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකියි. මෙසේ නෞකා දියමත රඳවා අලුත් වැඩියා කටයුතුකිරීම තුළින්, දැරීමට සිදුවන ප්‍රමාද ගාස්තු සහ කාලය ද ඉතිරිකරගැනීමටපුළුවන්. එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතු පහසුකම් හේතුවෙන් මෙම සංකීර්ණ අලුත් වැඩියා කටයුතු පහසුවෙන් සිදුකිරීමට හැකිවනවා මෙන්ම එක් එක් සේවා සපයන්නන් වෙත නොගොස් ස්ථිර අලුත් වැඩියා සේවා ලබාගැනීමේ පහසුකමද සැළසෙයි,” යැයි මේ සම්බන්ධයෙන් ඩොක්යාඩ් හි නෞකා අලුත් වැඩියා කටයුතුවල ප්‍රධානී ප්‍රනීත් රාජපක්ෂ මහතා පවසයි.

මෑතකදී සෑන්ඩ්පයිපර් (MV Sandpiper) නැමති නෞකාව බංගලාදේශයේ ප්‍රවාහන සේවයක යෙදී සිටින අතරතුර සිදුවූ හානි අලුත්වැඩියා කර ගැනීමට නැව් තටාකාංගක පහසුකම් සෙවූ විට ඩොක්යාජ් සමාගම විසින් වඩාත් පහසුකම් සහ ලාභදායී විසදුමක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි දියමත නෞකා අලුත් වැඩියා සේවය නිර්දේශ කරන ලද බවද ඔහු සදහන් කළේය.

“පෙර අපරදිග නාවික මාර්ගයන්ට සමීපව ස්ථාන ගතවී ඇති හම්බන්තොට ජාත්‍යන්කර වරාය ඕනෑම නෞකා අලුත් වැඩියාවක් සඳහා සේවා සැපයීමට කදිම ස්ථානයක්. මේ සදහා අවශ්‍ය ප්‍රවීණත්වය සහ ගැමුරු නැංගුරම්පළ පහසුකම් අප සතු නිසා, එය නැව් කර්මාන්තයේ දියුණුවට රුකුලක් වනු නොඅනුමානයි. මේ වසරේදී දියමත නෞකා අලුත් වැඩියා සේවාව තවදුරටත් පුළුල් කිරීමට අපි සැළසුම් යොදා තිබෙනවා“ යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version