මුල් පිටුව උණුසුම් පුවත් නිදහස වෙනුවෙන් බස් දහසක් මහ පාරට

නිදහස වෙනුවෙන් බස් දහසක් මහ පාරට

1

නිදහස් දිනයට සමගාමීව බස් රථ 1000ක් පොදු ප්‍රවාහනයට එකතු කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

තිබෙන බස් රථ හා නව බස් රථ සමඟ කොන්දොස්තරවරු හා රියදුරුවරු ලබාගෙන මෙය සිදුකිරීමට සැලසුම් කර ඇත.

රියදුරු හා කොන්දොස්තර හිඟය නිසා දිනකට බස් රථ 800ක් පමණ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු බස් රථ 75ක් ග්‍රාමීය මාර්ගවලට ලබාදුන් බවත් නිදහස් දිනට පසු දින (පෙබරවාරි 05) තවත් බස් රථ 150ක් ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

එමෙන් ම, තිබෙන බස් රථ 800ට රියදුරන් සහ කොන්දොස්තරවරු කොන්ත්‍රාත් පදනම යටතේ වසරකට බඳවා ගැනීම සඳහා අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.

සංජීවනී එදිරිසිංහ

1 Comment

  1. ආචාර්ය වයසක මිනියාට කිහිපවරක් කියන්නද! මේ වයසේ හොරකම් කරන්න එපාය! තව ටික කාලයක් ජීවත්වන ඔයා කව්රු වෙනුවෙන් ව්‍යාජ ලෙස හම්බකරන්නේ? බංකොලොත්ත්තු රටට දුම්රිය පෙට්ටිය, ණයට වාහන ගැනීම තවද භාණ්ඩාගාර මුදල් නාස්ති කර දවසක් දවස් දෙකක් සංචාරකයින් දුම්රිය දැනට අවශ්‍ය නැහැ!!!
    අවශ්‍ය වන්නේ ආදාර බෙහෙත් අදාළ අංශයේ අටය කියන්න! ඉන්ධන නොනවත්වා ආනයනය කිරීම!
    අල්ලස් හෝ දූෂණ හොරකම්න් තොරව අඩුපාඩුවක් නෙතුව ගොවින්ට පොහොර ලබාදීම!
    ලැබෙන ආදාර භාණ්ඩ, සේවාව සහ ආදාර මදල් නිසි පරිදි පාවිච්චි කිරීම!.
    වාහන ණය ගෙවිය යුතුයි! ගෙවන්න ඔයා ජීවත්ව ඉඳිද්ද කව්දෝ දන්නේ? ඒනම් කව්ද ගෙවන්නේ සැලසුම් කුමක්ද?
    මව්බිම වත්සකම්හ මව්බිමේ මුදල් නසි පරිදි පාවිච්චි කරන්න.

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version