මුල් පිටුව උණුසුම් පුවත් දෙදෙනෙකුට මරු කැඳවූ ගෑණු හුටපටය

දෙදෙනෙකුට මරු කැඳවූ ගෑණු හුටපටය

0

පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු පදිංචිව සිටින දඹදෙණිය උදියාවල පිහිටි නිවසකට කඩා වැදී සැරයන්වරයා සහ ඔහුගේ මිතුරෙකුව කපාකොටා ඝාතනය කර ඇත්තේ කාන්තාවක් සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල්කරගෙන බව ගිරිඋල්ල පොලීසිය විසින් කළ විමර්ශනයේදී හෙළිවී තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් මහේෂ් බණ්ඩාර (41) සහ කේ.කේ. පුෂ්පකුමාර (39) යන දෙදෙනාය.

සැරයන්වරයාගේ මිතුරා වන පුෂ්ප කුමාර දඹදෙණියේ වෙළදසැලක් පවත්වාගෙන කාන්තාවක් සමග ඇයිහොදයිකමක් පවත්වාගෙන යන බවත් ඒ ගැන උරණ ව සිටි ඇය සමඟ සම්බන්ධකමක් පවත්වාගෙන යාමට පෙරුම්පුරමින් සිටින අයෙකු විසින් ඔහුගේ මිතුරෙක් සමඟ එක්ව පුෂ්පකුමාරව බිය ගැන්වීමට ගොස් මෙම ද්විත්ව ඝාතනය ඔවුන් අතින් සිදුව ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

පොලිස් සැරයන්වරයාත් ඔහුගේ මිතුරා වන පුෂ්පකුමාරත් ඊයේ රාත්‍රී කාලයේදී මත්පැන් පානයකරමින් සිටින විට එතැනට කඩා වැදී ඇතුවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු පිහි ඇනුම සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාව පොලීසිය අද ගිරිඋල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version