මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ජනතාවට සේවය කරන්න ඕනෙ යැයි කියා නීතිපති කැනඩා යන්න බැහැ කියයි

ජනතාවට සේවය කරන්න ඕනෙ යැයි කියා නීතිපති කැනඩා යන්න බැහැ කියයි

0

මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීමට තමාගේ කැමැත්තක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දෙමින් කැනඩාවේ නව මහ කොමසාරිස් ධුරය නීතිපති දප්පුල ලිවේරා මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තව නොබෝ දිනකින් විිශ්‍රාම ගැනීමට නියමිත නීතිපති දප්පුල ලිවේරා මහතාව කැනඩාවේ නව මහකොමසාරිස් ලෙස පත්කිරීමට යෝජනා වී ඇත. ඒ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතියද පලකර තිබේ. ජනාධිපතිවරයාට ඔහු සදහන්කර ඇත්තේ යැයි නීතිපති සම්බන්ධිකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනු ලැබුවේ නීතිපතිවරයාගේ කැමැත්ත ඇත්තේ මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීම බවය.

නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරන්නේ 2019 වසරේ මැයි මාසයේ සිට 2021 වසරේ මැයි මාසය දක්වා දෙවසරතුළ දප්පුල ලිවේරා මහතා සිය නීපතිධූරකාලය තුළ අපරාධ නඩු 27,206 ක් සම්බන්ධයෙන් කටයුතු නිමකල බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version