මුල් පිටුව COVID රටින් එන සංචාරකයන්ට අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි

රටින් එන සංචාරකයන්ට අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි

0

විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් වෙත නව කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ.

එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද සංචාරක අමාත්‍යාංශය දන්වා සිටී.

විදේශ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන් හරහා රට තුළ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් නව කොවිඩ් සීමා ක්‍රියාත්මක ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version