මුල් පිටුව උණුසුම් පුවත් නාකොටික් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පහරදීමකින් මරුට 

නාකොටික් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පහරදීමකින් මරුට 

0

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරුණ විමර්ශනයකට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවයේ නිරත කළමනාකාර සහකාරවරයෙකු පහරදීමකින් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්තේ පදිංචිකරුවෙක් වන ඒ.ජී.එස්. ප්‍රීති කුමාර නැමැති තරුණයාය.

නාරාහේන්පිටදී අත්අඩංගුවටගත් දෙදෙනෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම තරුණයාව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

මත්කුඩු තොගයක් සොයා ගැනීමට ඔහුව නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි පොලිස් බැරැක්ක ආසන්නයට රැගෙන ගිය බවත් එහිදී ඔහු වීදුරු බෝතලයක් කඩා එයින් නිලධාරීන්ට පහරදී තිබෙන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් පොල්ලකින් කළ පහරදීමකින් පසු මෙම තරුණයා මියගොස් තිබෙන බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version