මුල් පිටුව උණුසුම් පුවත් වැඩිවන විදුලි බිලට එරෙහිව අඳුරේ විරෝධයක්

වැඩිවන විදුලි බිලට එරෙහිව අඳුරේ විරෝධයක්

0

විදුලි බිල වැඩි කිරීමේ රජයේ තීරණයට එරෙහිව ලබන ඉරිදා (8) සවස 6.30 සිට අඩහෝරාවක කාලයක් සෑම නිවසකම විදුලි පහන් නිවා දමා විරෝධතාව පලකරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එළබෙන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලය විදුලිබිල සංශෝධන යෝජනාව සළකාබැලීමට නියමිතය.

මේ අතර විදුලි බිල වැඩිකිරීමට එරෙහි 69 ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබාගැනීම අද දිනයේදීත් ක්‍රියාත්මක ය.

හෙට දිනයේදී දිවුලපිටිය සති පොළ, සෙනසුරාදා දිනදී මීරිගම සති පොළ, ඉරිදා දිනදී මිගමුව නගරයේදීද පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමට නියමිත බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය කියාසිටී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version