මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය සේවයට යන්න රාජ්‍ය සේවකයින්ට අවස්ථාවක්

දුම්රිය සේවයට යන්න රාජ්‍ය සේවකයින්ට අවස්ථාවක්

0
train
file photo

දුම්රිය සේවය සඳහා සුදුසුකම් තිබෙන රාජ්‍ය සේවය තුළ සිටින සේවකයින් හට අවස්ථාව ලබාදීමට රජය තීරණය කරයි.

මේ යටතේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය රියදුරන් ආදී වශයෙන් සුදුසුකම් තිබෙන දැනට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන්ට අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.

ඒ සඳහා අයදුම් කිරීමට හැකි වන පරිදි ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් දැනුම් දීමක් සිදු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

අත්‍යවශ්‍ය සේවාවල හිඟය නිසා කොන්ත්‍රාත් පදනම යටතේ පසුගිය කාලයේ දී දුම්රිය සේවකයින් බඳවා ගෙන තිබුණි.

පසුගිය වසරවල ඒ ඒ අවස්ථාවල දුම්රිය සේවය සඳහා ක්‍රමානුකූලව බඳවාගැනීම් සිදුව නැත.

දුම්රිය සේවය පුහුණුවක් නොමැතිව කළ නොහැකි නිසාත්, කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ දී ඒ සඳහා වැඩි පිරිවැයක් දැරීමටත් සිදුවන නිසාත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version