මුල් පිටුව උණුසුම් පුවත් විදුලි බිල වැඩිකරන වාර්තාව ලබන කැබිනෙට්ටුවට

විදුලි බිල වැඩිකරන වාර්තාව ලබන කැබිනෙට්ටුවට

1

විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ වාර්තාව ලබන කැබිනෙට්ටුවට කැඳවීමට ඊයේ (02) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මේ වනවිටත් බහුතර කැමැත්ත පළ වි ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්ධන අර්බුධයට තව තවත් උග්‍ර අතට පත්විම වැළැක්වීම සඳහා අනිවාර්යෙන් විදුලි බිල වැඩි විය යුතු බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් දක්වා තිබේ.

පසුගිය කාලයේ ඉන්ධන නැව් හරවා යැවීමට සිදුවීම, බැංකු තවදුරටත් ණය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

විදුලිබිල වැඩි කිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වුණා දැයි නිව්ස් වේව් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළේය.

ආමාත්‍යවරුන් අදහස් පළ කළා. ඇත්තටම පවතින තත්ත්වය මත විදුලි බිල වැඩි නොකර ඉන්න බෑ කියන අදහස තමයි සාකච්ඡාවට ලක්වුණේ. එ් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් ලබන කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන්න යැයි තිරණයට පැමිණියා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෙසේ වෙතත් ගාස්තු වැඩිවීම සියයට 60-65 හෝ 70 සිදුකරනවා ද යන්න ගැන මෙතෙක් අවසන් තීන්දුවකට එළැඹ නැති අතර, විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටින වැඩිවිම ලබා දිමට සිදුවනු ඇතැයි යන්න රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

1 Comment

  1. ඉන්දන ණය නිසි කළමණාකරණය කිරීමට හැකියාව නෙති නිසා අයිස් කැටය වාගේ දියවුනා අල්ලස, හොරකම.
    ණය ගන්න ඕනේ ණය මුදල් නැවත නැවත ආයෝජන කර දියුණු වෙන්න.
    පොහොර ණය සහ ආදාර නසි පරිදි ගොවින්ට බෙදා හරින්න නෙතුව ඇංගුවා, ගොරකම් කරා සහ කළු කඩයට වික්කා රැස්වීම් තියලා ගොවිනව රවට්ටුවා විච්ච දේවල් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ අනෙකුත් ගොවින් ගොඩක් බිඳී වැටුනා! ඒ නිසා වී සහ හාල්, ත්‍රිපෝෂ සහ සමපෝෂ, සියලුම කිරි නිෂ්පාදන වර්ග සහ සියලුම සත්තුන්ට ආහාර අඩුවුණා. මදිවට කොමිස් ගැනීම අරමුණ කරගෙන ආනයනය භාණ්ඩ තහනම් කරන්නවා සහ ඉවත් කරනවා දෙකටම කොමිස්. මේ අවස්ථා වාදින් සහ වයසක මනුස්සයන් කාටද රට විනාසය කරලා හම්බකරනේ. අද ඇට මැරෙන්නට ඉන්න වුන් පිංකම් කරා නම් හොඳයි.

Leave a Reply to Perumal GnanapragasomCancel reply

Exit mobile version