මුල් පිටුව උණුසුම් පුවත් අලුත් භාණ්ඩ වර්ග ගණනාවකට HS codes

අලුත් භාණ්ඩ වර්ග ගණනාවකට HS codes

0

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ඊයේ(01) සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙම පියවර ගත් බව හෙතෙම කියා සිටී.

ආනයන අපනයන කටයුතුවලදී සෑම භාණ්ඩයක් සඳහා ම වෙන වෙනම හඳුන්වන රේගු සංකේතාංකයක් හෙවත් HS Code අයත් වේ.

HS කේත අංක ජාත්‍යන්තර ආනයන හා අපනයනවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඒවා රේගු බලධාරීන් විසින් නිශ්චිත භාණ්ඩ සඳහා ලබා දී ඇති ඉලක්කම් 6-10කින් සමන්විත වේ.

ආනයන අපනයන පාලනයේදී එම භාණ්ඩ ලැයිස්තුගත කෙරෙන්නේ ද මෙම කේත අංක භාවිත කරමිනි.

ඒ ඒ කේතයට අයත් භාණ්ඩ සඳහා බදු පැනවීම වෙනස් වෙයි.

මෙම කේත ක්‍රමය ආනයනය කරන ලද හෝ අපනයනය කරන සෑම නිෂ්පාදනයක්ම විස්තර කිරීම සඳහා භාවිතා වන ගෝලීය දර්ශක පදනමෙන් සැකසූවකි.

එය ජාත්‍යන්තර වෙළඳාමේ භාවිතා වන සම්මත නිෂ්පාදන නම් කිරීම සහ කේතීකරණ ව්‍යුහයයි.

රට රටවල කතා කරන භාෂා සහ දේශීය ගාස්තුවල වෙනස්කම් නොසලකා ආනයනය කරන හා අපනයනය කරන දේ පිළිබඳව හවුල් අවබෝධයක් ලබා ගැනීමට දේශසීමා බලධාරීන්ට HS කේත මඟින් ඉඩ ලබා දේ.

රේගුවට බලපාන නීතිය යටතේ, නිවැරදි HS කේතය තීරණය කිරීම ආනයනකරුට පැවරී ඇත.

එමෙන්ම අදාළ නැව්ගත කිරීම සඳහා නිවැරදි වර්ගීකරණය යෙදීම සඳහා වන වගකීම ද ඔවුන් භාර ගත යුතුය.

ඔබ නිවසේ තබා ඇති හෝ මිලදී ගත් ඕනෑම දෙයක් HS code යටතේ වර්ගීකරණය කර ඇති භාණ්ඩයකි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version