රටේ ආර්ථික කටයුතුවලට 2021 වසරේදී ඉහළම දායකත්වයක් සපයා ඇත්තේ බස්නාහිර පළාත වන අතර 2 ස්ථානය වයඹ පළාතටත් 3වැනි ස්ථානය මධ්‍යම පළාතටත් හිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නාමික දළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.6%ක් බස්නාහිර පළාතෙන් සපයා ඇති අතර වයඹ පළාතේ දායකත්වය 11.1%ක් ද මධ්‍යම පළාතේ දායකත්වය 10.1%ක් ලෙස සටහන් වන බවද මහ බැංකුව කියයි.
2021 වසරේ වයඹ පළාත කෘෂිකාර්මික කටයුතු සඳහා ඉහළම දායකත්වයක් ලබා ලබා දී තිබූ අතර එය 17.6%කි.
දකුණු පළාතේ කෘෂිකාර්මික කටයුතු දායකත්වය 14.3%ක් වන අතර මධ්‍යම පළාතේ දායකත්වය 13%කි.
මේ අතර කර්මාන්ත ක්‍රියාකාරකම්වලට අඛණ්ඩව ඉහළ දායකත්වයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාත ය. එය 48.2%කි.
කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා වයඹ පළාත 11.5%ක් ද මධ්‍යම පළාත 9.5%ක් ද දායකත්වය සපයා තිබේ.
සේවා අංශයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත 44.7%ක ඉහළ දායකත්වයක් ලබා දී ඇත.
2021 වසරේ මධ්‍යම පළාතේ සේවා අංශයේ දායකත්වය 10%කි.
වයඹ පළාතේ දායකත්වය 9.8%කි.