මුල් පිටුව උණුසුම් පුවත් රටේ ආර්ථිකයට ගිය වසරේ ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන්

රටේ ආර්ථිකයට ගිය වසරේ ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන්

0

රටේ ආර්ථික කටයුතුවලට 2021 වසරේදී ඉහළම දායකත්වයක් සපයා ඇත්තේ බස්නාහිර පළාත වන අතර 2 ස්ථානය වයඹ පළාතටත් 3වැනි ස්ථානය මධ්‍යම පළාතටත් හිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නාමික දළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.6%ක් බස්නාහිර පළාතෙන් සපයා ඇති අතර වයඹ පළාතේ දායකත්වය 11.1%ක් ද මධ්‍යම පළාතේ දායකත්වය 10.1%ක් ලෙස සටහන් වන බවද මහ බැංකුව කියයි.

2021 වසරේ වයඹ පළාත කෘෂිකාර්මික කටයුතු සඳහා ඉහළම දායකත්වයක් ලබා ලබා දී තිබූ අතර එය 17.6%කි.

දකුණු පළාතේ කෘෂිකාර්මික කටයුතු දායකත්වය 14.3%ක් වන අතර මධ්‍යම පළාතේ දායකත්වය 13%කි.

මේ අතර කර්මාන්ත ක්‍රියාකාරකම්වලට අඛණ්ඩව ඉහළ දායකත්වයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාත ය. එය 48.2%කි.

කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා වයඹ පළාත 11.5%ක් ද මධ්‍යම පළාත 9.5%ක් ද දායකත්වය සපයා තිබේ.

සේවා අංශයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත 44.7%ක ඉහළ දායකත්වයක් ලබා දී ඇත.

2021 වසරේ මධ්‍යම පළාතේ සේවා අංශයේ දායකත්වය 10%කි.

වයඹ පළාතේ දායකත්වය 9.8%කි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version