මුල් පිටුව උණුසුම් පුවත් මඟුලකට ආ අමෙරිකානුවා රටින් යද්දී පතොරම් එක්ක ගුවන්තොටේදී මාට්ටු

මඟුලකට ආ අමෙරිකානුවා රටින් යද්දී පතොරම් එක්ක ගුවන්තොටේදී මාට්ටු

0

ජපන් ජාතික සිය පෙම්වතිය සමඟ ඇගේ මිතුරියකගේ විවාහ උත්සවයකට සහභාගිවීමට පැමිණි අමෙරිකානුවෙක් නැවත අමෙරිකාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොල ආරක්ෂක අංශ විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුගේ ගමන් මල්ලෙහි තිබී පිස්තෝල අවියකට යොදන පතොරම් ගැබක් සහ පතොරම් 10ක් හමුවීමක් සම්බන්ධයෙනි.

ඉන්දියාව බලා ඊයේ රාත්‍රී 8.25ට පමණ ගුවන් ගතවීමට නියමිතව තිබුණු ගුවන් යානයෙන් මෙරටින් පිටවීමට සූදානම් වූ මෙම අමෙරිකානු ජාතිකයාගේ ගමන් මලු ස්කෑනරයට යොමුකර පරීක්ෂා කිරීමේදී මෙම පතොරම් සහිත පතොරම් ගැබ හමුවී තිබේ.

J. Adrian Prttchett නැමැති මෙම අමෙරිකානු ජාතිකයා වයස අවුරුදු 38ක් වන අයෙකි. අමෙරිකාවේ ටැක්සි රථ රියදුරෙක් වන ඔහු සිය ජපන් ජාතික පෙම්වතිය සමඟ පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණ ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම පතොරම් ගැබ තමාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියේ එක බවත් වැරදීමකින් එය සිය ගමන් මල්ලෙහි තිබී ඇති බවත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබේ. වැරදීමකින් ගමන් මල්ලෙහි එම පතොරම් ගැබ තිබුණේ නම් අමෙරිකාවෙන් ඔහු පිටත්ව මෙරටට එන විට අමෙරිකාවේ ගුවන් තොටුපොලේදී මෙන්ම මෙරට ගුවන් තොටුපොලේදී එය හමුනොවීම ගැන විශාල ගැටළුවක් පැන නැගී ඇත.

ජපන් ජාතික පෙම්වතියගේ මිතුරිය ශ්‍රී ලාංකික තරුණයකි. ඇගේ විවහාය පසුගිය 22 වෙනිදා මාළඹේ හෝටලයක තිබී ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම අමෙරිකානුවාව මීගමුව අධිකරණයට අද සවස ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස ගුවන්තොටුපොල ආරක්ෂක අංශයත් පොලීසියටත් මෙම කළු ජාතික අමෙරිකානුවාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමා බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිතා කරන අයෙක් බවය. බෑගයේ තිබී හමුවී ඇත්තේ එම අවියේ පතොරම් ගැබ බව ඔහු ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. අමෙරිකාවේ සිට තමා මෙරටට පැමිණෙන විටත් මෙම පතොරම් ගැබ මෙහි තිබෙන්නට ඇති බව අමෙරිකානු ජාතිකයා එහිදී ආරක්ෂක අංශ නිලධාරීන් හමුවේ පවසා ති

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version