මුල් පිටුව special අධික සීතලෙන් ඇමරිකානුවන් කාර් ඇතුළෙම මියයයි

අධික සීතලෙන් ඇමරිකානුවන් කාර් ඇතුළෙම මියයයි

0

ඇමරිකාවට මේවන විට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුදගලයින් 56 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර බටහිර නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රාන්ත බලධාරීන් පවසයි. රාජ්‍ය නිලධාරියෙක් පැවසුවේ ඇතැම් පුද්ගලයින් දින දෙකකට වඩා වැඩි කාලයක් සිය මෝටර් රථවල සිරවී සිට ඇති බවයි.

ඒ අනුව අද පෙරවරුව විට නිවියෝක් ප්‍රන්තයේ අගල් නවයකට වඩා හිම පතනයක් අපෙක්ෂා කරන බවද එරට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. පවතින අධික හිම පතනයත් සමග මුදා ගැනීමේ කණ්ඩායාම් වල ලඟාවීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.
මේ අතර නිව් යෝර්ක් ප්‍රාන්ත නිලධාරීන් පැවසුවේ මුදා ගැනීමේ නිලධාරීන් මෝටර් රථයෙන් මෝටර් රථයට ගොස් කුණාටුවෙන් දිවි ගලවා ගත් අය සෙවීමට කටයුතු කරන බවයි. එහිදී ඇතැම් පුද්ගලයින් සිරුරු සිය මොටර් රථය තුලදීම සොයා ගැනීමට හැකිවූ බව බලධාරීන් පවසියි.
පවතින අයහපත් කාලගුන තත්ත්වයත් සමග එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිව්යෝර්ක් ප්‍රාන්තයට ෆෙඩරල් සහාය ලබා දෙන ලෙස උපදෙස් දී තිබේ. “මෙම නිවාඩු සති අන්තයේ ආදරණීයයන් අහිමි වූවන් සමඟ මගේ කණගාටුව පළකරනවා,” යනුවෙන්ද ජනාධිපතිවරාය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.

ඒ අනුවන මේවන විට එක්සත් ජනපද තුල ගුවන් ගමන් 4,000 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර එමගින් නත්තල් නිවඩුවට සිය සමීපතයින් දැකීමට අපේක්ෂාවන් ගම් බිම් කරා යාමට සිටි විශාල පිරිසක්ද අපහසුතාවයට පත්ව ඇති බවට වාර්තාවේ.

දැණු හිම කුණාටු තත්ත්වයන් ඇමරිකානුවන් ලක්ෂයකට අධික පිරිසකට විදුලි විසන්ධි වී ඇති අතර ඔවුන් සිය නිවාස උණුසම්කර ගැනීමේ දැඩි අභියෝගයකටද මුහුණ දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version