මුල් පිටුව උණුසුම් පුවත් බිත්තර මිලට වෙන දේ..

බිත්තර මිලට වෙන දේ..

0

මෙම මස අවසානයේ සිට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පල කළ කරයි.

අවම මිලක් යටතේ පාරිභෝගිකයින්හට බිත්තර ලබා දීම සඳහා ඊයේ (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුලු සංගම් කිහිපයක් සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

එහිදී බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කර ඇත.

දේශීය බිත්තර කර්මාන්තකරුවන්සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ පාරිභෝගිකයාට බිත්තර මිලදී ගැනීමට බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී අදහස් පළ කළ එම කර්මාන්තකරුවන් ඔවුන් තවමත් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49ක් හා 55 මිලට බවත්, එක්තරා අතරමැදි පිරිසක් බිත්තරගබඩා කර තබා ගනිමින් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

මෙම මස අවසානයේ සිට කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් එවා ජනාකීර්ණ ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්මවෙනත් නාගරික ප්‍රදේශවලට ද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් මෙම කර්මාන්ත්කරුවන් එකඟත්වය පළ කර තිබේ.

මීට අමතරව සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා සතොස පරිශ්‍ර ආශ්‍රිතව බිත්තර අලෙවි කිරීමේ පහසුකම් ලබා දීමටත්, කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවලනිරත වුවහොත් අදාළ බිත්තර අලෙවිකරුවන් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා දීමටත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාඑකඟත්වය පළ කළේය.

කුකුළු කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින සත්ව ආහාර හිඟකම හා මිල ඉහළයාම වැනි හේතුන් නිසා එම කර්මාන්තයේ යම් බිද වැටීමක් පැවතියත් ලබනවසර මැයි මස වනවිට නැවතත් බිත්තර හා කුකුළු මස් කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.

ඒඅනුව කුකුළු නිෂ්පාදන ආශ්‍රිතව මව්සතුන් හා බිත්තර රැක්කවීම මගින් පැටව් ලබා ගැනීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කරනු ලැබීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version