මුල් පිටුව special ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

0

ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති දැඩි හිම කුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්දි වීඇති බවත් මිලියනයකට අධික පිරිසකට දැඩි සීතල තත්ත්වයෙන් දරුණු බලපෑම් එල්ලවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පවතින අධික සීතල තත්ත්වයෙන් පුද්ලයින් 20ක් පමණ මර්ණයට පත්ව ඇති බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. පවතින දරුණු කාලගුණ තත්ත්වය ඇමරිකාවනට මෙන්ම කැනඩාවටද බලපා ඇති අතර ඇතම් ප්‍රදේශ වල කුණාටු තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩා වැඩි ඇති බවටද වාර්තාවේ.

මෙලෙස කඩා වැටුනු විදුලි රැහැන් යථා තත්ත්වයට පත් කිරීමට සහන කණ්ඩායම් හට ඒවෙත ලඟා වීමද දැඩි අසීරු කාර්යක් වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ‍

මෙම දරුණු කාලගුණ තත්ත්වයෙන් වැඩිම බලපෑම් බෆලෝ නිව්යෝක් වෙත එල්ල වී ඇති බවත් එහි පමණක් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බවද එන්බීසී පුවත් සේවය වාර්තා කරයි. මේ අතර නත්තල් නිවාඩුවට සිය ගම්බිම් බලා යෑමට අපෙක්ෂා කළ විශාල පිරිසක් සිරවී ඇති බවත් අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බවටද වාර්තාවේ.

පවතින දරුණු කාලගුණ තත්ත්වය ඇමරිකානු මොක්සිකෝ දේශ සීමාවට බලපා ඇති අතර එහිදී කූඩාරම්වල රඳවා සිටින සරණාගතයින් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බවටද වාර්තාවේ. මෙම සරණාගතයින් බොදෙනෙකු ඇරමිකානු බලධාරීන්ගේ අත් අඩංගුවේ පසුවන අතර ඔවුන් නිසි ලෙස රැදවීමට ක්‍රමවේදක් නොපැවති බැවින් වීදිවල රැදී සිටින බවටද වාර්තවේ.

එම පිරිස අතර කුඩා ළමුන් ගැබිණි කාන්තාවන්ද සිටින බවත් ඔවුන් දැඩි ජීවන තර්ජනයකට මුහුණ දී ඇති බවද අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version