මුල් පිටුව උණුසුම් පුවත් කලපුවට පැන්න ගවයින් ගොඩගන්න ගිය ගොපල්ලාව කිඹුලෙකු ඩැහැගනී

කලපුවට පැන්න ගවයින් ගොඩගන්න ගිය ගොපල්ලාව කිඹුලෙකු ඩැහැගනී

0

කලපුවට පැන සිටි ගවයින් ගොඩට දක්කන්නට කලපුවට බැස සිටි ගොපල්ලු තරුණයෙකුව අද සවස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇත.

චවලකඩේ පොලිස් වසමේ පිහිටි කිට්ටැංකි කලපුව ලෙස හදුන්වන කොටසේදී මෙම සිදුවීම වී තිබේ.

කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කල්මුණේ චේනකුඩිරිප්පුවේ පදිංචිව සිටි වයි. සුකීර් දාසන් නැමැති 30 හැවරිදි තරුණයෙකි.

කිඹුලා විසින් මෙම තරුණයාව අල්ලාගෙන ජලය තුළට ගමන්කර ඇත. ඔහුව සවස් වන තුරුම හමුවී තිබුණේ නැත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version