මුල් පිටුව උණුසුම් පුවත් යුක්‍රේනයේ ගැටුම් මැද ජනපති ඇමෙරිකාවට

යුක්‍රේනයේ ගැටුම් මැද ජනපති ඇමෙරිකාවට

0
Ukrainian President Volodymyr Zelensky holds a press conference with the heads of state of France, Germany and Romania, at Mariinsky Palace in Kyiv, on June 16, 2022. - The leaders of major EU powers France, Germany and Italy vowed on June 16 to help Ukraine defeat Russia and to rebuild its shattered cities, in a visit to a war-torn Kyiv suburb. (Photo by Ludovic MARIN / POOL / AFP) (Photo by LUDOVIC MARIN/POOL/AFP via Getty Images)

යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට අද දින එක්සත් ජනපදයට පැමිනීමට නියමිත බවට වාර්තා වේ.

තමන් සිය මිත්‍ර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වූ බව ඔහු නිවේදනය කර ඇති අතර එහිදී එක්සත් ජනපද ජනාධිතිවරයාද හමුවී සාකච්ඡා කිරීමට බලා පොරෝත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේන පසු යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි විදේශයක නිරත වන පළමු සංචාරය මෙය වීමද විශේෂත්වයකි. එහිදී යුක්‍රේන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් විස්තර මාධ්‍ය වෙත ලබාදීම වලක්වා ඇත.

ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ සංචාරය සම්බන්ධයෙන් තොරතුරු නිරාවරණ වූවහොත් එය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් ඇති වීමට ඉඩ පැවතීමයි.

මේ අතර එක්සත් ජනපද ධවල මන්දිරය ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනයට නවතම Patriot මිසයිල පද්ධතියක් සපයන බවත් එමගින් එරට ගුවන් ආරක්ෂක හැකියාව සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇති බවයි.

“යුක්රේනයට මෙම ආක්‍රමාණය ඔරොත්තු දීමේ හැකියාව සහ සිය ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා මම එක්සත් ජනපදයට යන ගමනුයි සිටින්නේ,” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණි.
ඔහු සිය සංචාරය අතර තුරදී එක්සත් ජනපද කොංග්‍රසයයේ දේශනයක් පැවැත්වීමට නියමිත බවට ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජනපදය යුද්ධයේ දී යුක්රේනයේ වැදගත්ම සගයා වී ඇති අතර, ඩොලර් බිලියන 50 ක මානුෂීය, මූල්‍ය සහ ආරක්ෂක ආධාර ලබා දී ඇත. එය අනෙකුත් සියලුම යුරෝපා රටවල් අභිබවා යෑමට සමත්ව ඇත.

කෙසේ වෙතත් රුසියාව විසින් මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සංචාරය “ගැටුම උග්‍රවීමට” තුඩු දෙන බවයි. ඒඅනුව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ “මෙය යුක්‍රේනයට සුබදායක නොවේ.″ යනුවෙනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version