මුල් පිටුව special IMF සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න චීනයේ සහය

IMF සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න චීනයේ සහය

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව සමග එක්ව, පවතින ආර්ථික අර්බුදය නිසියාකාරයෙන් විසඳීමට සහය වන බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (5) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙම සතියේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බවත්, එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව චීනය සමග සාකච්ඡා කරන බවත් වාර්තා වී ඇතැයි මෙහිදී මාධ්‍යවේදියෙක් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජගත් ආර්ථික හා මූල්‍ය සේවා ආයතන සමග මනා සහයෝගී සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට චීනයට හැකි වී ඇතැයි මාඕ නිං මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දුෂ්කරතා හා අභියෝග පිළිබඳව චීනයට මනා අවබෝධයක් ඇත. පවතින ණය බර අඩු කර ගැනීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකිරීමට එක්වන්නැයි, චීනය අදාළ රටවලින් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ද ඇය කියාසිටී.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version