මුල් පිටුව උණුසුම් පුවත් ජල විදුලි වැඩ බිමෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්

ජල විදුලි වැඩ බිමෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්

0
Explosive sign yellow with stripes, 3D rendering

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ බිමකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ගම්පොල පොලිස් ස්ථානයට ලැබී තිබේ.

එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ආරක්ෂක නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන් වන්නේ ඇමෝනියා නයිට්‍රේට් තොගයක් මෙසේ අතුරුදන්ව ඇති බවය. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය සැකකරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version