මුල් පිටුව උණුසුම් පුවත් නයිජීරියාව රඳවා සිටින යාත්‍රාවේ ලාංකිකයන්ගේ අලුත්ම තත්වය

නයිජීරියාව රඳවා සිටින යාත්‍රාවේ ලාංකිකයන්ගේ අලුත්ම තත්වය

0

නයිජීරියානු මුහුදට ඇතුළු වීම හේතුවෙන් එරට බලධාරීන් විසින් රඳවා ගත් යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා තහවුරු කර තිබේ.

ඒ එම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයාබැලීම සඳහා මහකොමසාරිස්වරයා එහි ගිය අවස්ථාවේදී ය.

ඉන්දියාවේ, පෝලන්තයේ සහ පිලිපීනයේ මහ කොමසාරිස්වරු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එම්/ටී හෙරොයික් ඉදුන් (MIT Heroic IDUN) නමැති මෙම යාත්‍රාවට ගොස් තිබුණි.

ආහාර, වෛද්‍ය පහසුකම්, විනෝදාස්වාද පහසුකම් ඇතුළුව ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම සියලු ආකාරයේ සහය නයිජීරියානු නාවික හමුදාව විසින් ඔවුන් වෙත සලසනු ලබන බව මහකොමසාරිස්වරයා පවසයි.

මෙම නෞකාව පසුගිය අගෝස්තු මාසයේදී රඳවා ගැනුණි. ඊට අදාළ මීළඟ නඩු විභාගය ලබන ජනවාරි 11 වැනි දිනට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහ කොමසාරිස් කාර්යාලය මෙම තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version