මුල් පිටුව උණුසුම් පුවත් අද පැය 15ක ජල කප්පාදුවක්

අද පැය 15ක ජල කප්පාදුවක්

0

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට උපදෙස් දෙයි.

මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version