මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් ‘Raid Amazones 2023’ ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් ‘Raid Amazones 2023’ ශ්‍රී ලංකාවට රැගෙන එයි

0

ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට කටයුතු සැලසුම් තර තිබේ.

මෑතදී මෙරට තුළ පැවති SriLankan Airlines Global Sales Conference හිදී Raid Amazones-2023 ඉදිරියේදී ශ්‍රී ලංකාවට යළිත් එන බව නිවේදනය කරන Raid Amazones නිර්මාතෘ Alexandre Debanne

මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කලේය. “පසුගිය වසරේ පැවති තරඟාවලිය දෙස ආපසු හැරී බලන විට, ශ්‍රීලංකන් ගුවන් සේවය නොමැතිව එම තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අපිට කිසිසේත් නොහැකි වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලබන වසරේ දී, මෙම තරඟාවලිය වර්ණවත් කරන සියලුම නව්‍යතාවයන් සහ සහයෝගය ශ්‍රී ලංකාවෙන් ලැබෙනු ඇතැයි ස්ථිර සහතිකයක් සහ විශ්වාසයක් ඇති නිසයි අපි නැවත පැමිණෙන්නේ. ඒ වගේම මෙම තරඟාවලිය මහනුවර දී පැවැත්වීම අපට නවමු ඇත්දැකීමක් වනු ඇත. ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති, අශෝක් පතිරගේ මහතා පැවසුවේ ලොව පුරා සිටින ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා Raid Amazones 2023 සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා

“මෑතකාලීන අභියෝගවලින් රට නැවත ප්‍රගතියක් ලබමින් සිටින මොහොතක ගෝලීය මාධ්‍ය තුළ අවධානය ලබා ගැනීම සහ ජාත්‍යන්තර සංචාරකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ලැබීම පිළිබඳව ජාතික ගුවන් සේවය ලෙස අපි ආඩම්බර වෙමු. Raid Amazones 2023 සහභාගිවන්නන් සහ අනුගාමිකයින් යන දෙඅංශයෙන්ම අතිමහත් පිරිසක් ගෙන්වා ගැනීමට අපි අපේක්ෂා කරමු.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්‍රථම වරට Raid Amazones අනුග්‍රහය දැක්වුයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ දී එම තරඟාවලිය හරහා ශ්‍රී ලංකාවට විශාල ගෝලීය මාධ්‍ය ආවරණයක් ලැබුණු අතර ගුවන් සේවය ප්‍රංශ ක්‍රීඩිකාවන් 504ක් රැගෙන ඒම සඳහා කටයුතු සලසන ලදී. එහි දී Raid Amazones 2022’ හි නිල ගුවන් සේවා සහකරු වූ ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version