මුල් පිටුව උණුසුම් පුවත් දොස්තරලා නොඑන රෝහලක්

දොස්තරලා නොඑන රෝහලක්

0

පොතුවිල් රෝහලේ වෛද්‍යවරුන් සතියක පමණ කාලයක් තිස්සේ එම රෝහලට වාර්තා නොකිරීම නිසා ප්‍රදේශයේ ලක්ෂයක පමණ ජනතාවක් දැඩි පීඩාවට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එහෙත් පොතුවිල් මූලික රෝහලේ ගැටලුව විසඳීමට බලධාරීන් කිසිදු උත්සාහයක් නොගන්නා අතර ඔවුන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ද එම සංගමය කියයි.

සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් නිහඬව සිටියහොත් නැගෙනහිර පළාතෙම වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරා තල්ලුවීමේ අවදානමක් පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

පොතුවිල් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අකාර්යක්ෂම පරිපාලනය නිසා එම රෝහලේ වෛද්‍යවරුන් දැඩි පීඩාවකට ලක් වූ අතර ඊට එරෙහි ව ම රෝහලේ වෛද්‍යවරුන් රෝහලට වාර්තා නොකළ අතර ත්‍රිකුණාමලය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි ලේඛනයේ අත්සන් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

බාහිර පාර්ශ්වයක් ඉකුත්දා රෝහල් පරිශ්‍රයට පැමිණ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකල අතර ඊට වෛද්‍ය අධිකාරීවරයා වගකිව යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version