මුල් පිටුව උණුසුම් පුවත් කතකට අතවර කළ ප්‍රජා පොලිස් සැරයන් අත්අඩංගුවට

කතකට අතවර කළ ප්‍රජා පොලිස් සැරයන් අත්අඩංගුවට

0

කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වත්තේගම පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ සැරයන්වරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා මෙම අපරාධය කර ඇත්තේ පසුගිය 25 වෙනිදා රාජකාරි සඳහා පොලිස් ස්ථානයෙන් පිටව යන බවට සටහන් තබා තබා බව වත්තේගම පොලීසිය සඳහන් කළේය.

මෙම නිලධාරියා විසින් අදාල කාන්තාවට දුරකතන ඇමතුමක් ලබාදී ඇගේ නිවසට ගොස් නිවස පිටුපසදී ඇයට ලිංගික අතවර කර ඇති බවද පොලීසිය කියයි.

මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද අද (27) වන විට මහනුවර පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබුණි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version