මුල් පිටුව උණුසුම් පුවත් චීනයෙන් එන තෙල් නැව අද කොළඹට

චීනයෙන් එන තෙල් නැව අද කොළඹට

0

චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ “සුපර් ඊස්ටර්න්” ඉන්ධන නෞකාව අද (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

එම නෞකාව මගින් ඩීසල් ලීටර් මිලියන 10.6 (මෙට්‍රික් ටොන් 9,000) රැගෙන එන බව මෙරට චීන තානාපති කාර්යාලය කියයි.

මෙය චීනය විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන තොගයකි.

ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල වෙසෙන, වත්මන් ආර්ථිකය හමුවේ දුෂ්කරතාවට පත් ධීවරයින් සහ ගොවීන්ට ලබාදීම සඳහා මෙම ඉන්ධන තොගය ලබාදීමට චීනය එකඟතාවය පළකර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version