මුල් පිටුව උණුසුම් පුවත් සූරියආර රක්ෂිතයේ ගංජා හේන් වැටලූ STF ඩ්‍රෝන් මෙහෙයුම

සූරියආර රක්ෂිතයේ ගංජා හේන් වැටලූ STF ඩ්‍රෝන් මෙහෙයුම

0

තණමල්විල පොලිස් වසමේ නික වැව, සූරියආර රජයේ රක්ෂිත ප්‍රදේශයේ ඉතාම සුක්ෂමව රහසිගතව වගාකර තිබු ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සමත්ව ඇත.

අඩි 05 යි අඟල් 06 ක් උස ගංජා ගස් 6,760 ක් සහිත වගාව බිමක් මෙසේ වැටලීමට ලක්වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගංජා ගස් 10 ක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. ඉතිරි ගංජා ගස් ගිණි තබා විනාශ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීමකර ඇත්තේ ඩ්‍රෝනා කැමරා උපයෝගි කරගනිමින් ගංජාවගාන් පිහිටි ස්ථානයන් නිරීක්ෂණය කරමිනි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වි. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version