මුල් පිටුව උණුසුම් පුවත් සුවඳ කුප්පියක් නිසා දරුවන් 5ක් රෝහලේ

සුවඳ කුප්පියක් නිසා දරුවන් 5ක් රෝහලේ

0

මැදවච්චිය යකාවැව විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 05 දෙනෙක් හදිසියේම හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ මැදවච්චිය රෝහලට ඇතුලත්කර ඇත.

උණ, වමනය, හිසරදය හා අධික සීතල වැනි රෝගී තත්ත්වයන්ට සිසුන් පස් දෙනා ලක්ව තිබේ.

එම පංතියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් විසින් රැගෙන පැමිණි සුවඳ හමන කුප්පියක් මෙම සිසුන් ඇගේ තවරාගෙන ඇති බවත් සිසුන් රෝගී වී ඇත්තේ අනතුරුව බවත් අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version