මුල් පිටුව උණුසුම් පුවත් ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන්ට නියෝජිතවරිය කී දේ..

ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන්ට නියෝජිතවරිය කී දේ..

0

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, හැනා සිංගර් හැම්ඩි අද කොළඹ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගෙන තිබේ.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව ආණ්ඩු විරෝධී පෙළපාලිකරුවන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

විරෝධතාව පැවැත්වෙන විට හනා සිංගර් මහත්මිය ගේට්ටුව අසලට පැමිණ සිය වාහනයෙන් බැස පිරිසට කතා කර ඇත.

විරෝධතාව සාමකාමීව පවතින තාක් කල් ඊට තම විරෝධයක් නොමැති බවද ඇය එහිදී පැවසුවාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version