මුල් පිටුව උණුසුම් පුවත් ත්‍රි’මලේ – මන්නාරම් මුහුදේ ඉහළ යන රැල්ල ගොඩට එන්න පුළුවන්

ත්‍රි’මලේ – මන්නාරම් මුහුදේ ඉහළ යන රැල්ල ගොඩට එන්න පුළුවන්

0

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්. (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පැවතීම ඊට හේතුවයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩිවිය හැක.

ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version