මුල් පිටුව උණුසුම් පුවත් මිල්ලනියේ සිසුන්ට පහරදුන් විදුහල්පතිනිය පොලීසියේ 2ක් එක්ක රිමාන්ඩ්

මිල්ලනියේ සිසුන්ට පහරදුන් විදුහල්පතිනිය පොලීසියේ 2ක් එක්ක රිමාන්ඩ්

0

හොරණ මිල්ලනිය ගුංගමුව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ මුදල් පසුම්බිය සොරා ගැනීම සම්බන්ධයෙන් පාසලේ සිසුන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කලේ යැයි චෝදනා එල්ල කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ එම සැකරුවන් අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සොරකමක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් කිහිප දෙනෙකු එම ළමුන්ට පහරදී ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කල විමර්ශනයේදී අනාවරණය වී තිබුණි. ඊට අමතරව පොලිස් නිලධාරීන් ද සිසුන්ට පහරදී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරයි.

රක්ෂිත බන්ධනාගාරගත කල පොලිස් නිලධාරීීීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක් ද සිටී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version