මුල් පිටුව දේශීය පුවත් තිදෙනෙකුට දිවි අහිමිකරමින් ඒ 09 මාර්ගයේ දී මගි බස් රථයක් පෙරළෙයි

තිදෙනෙකුට දිවි අහිමිකරමින් ඒ 09 මාර්ගයේ දී මගි බස් රථයක් පෙරළෙයි

0

කොළඹ – මහනුවර ඒ 09 මාර්ගයේ වව්නියාව නොච්චිමොටේ පාලම අසලදී ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් අද අලුයම පෙරලීමෙන් තිදෙනෙක් මියගොස් 17දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුරින් තුවාල ලැැබූ කාන්තාවන් 09 දෙනෙක් සහ පිරිමින් 08 දෙනෙක් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

මෙම මගී බස් රථය යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථයකි.

බස් රථය අනතුරට පත්වන විට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. රියදුරුට රථය පාලනයකර ගැනීමට නොහැකිව බස් රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය කියයි.

මියගොස් ඇති අය අතර බස් රථයේ රියදුරුද සිටී. මියගොස් ඇති අය අතර වැල්වැටිතුරේ පදිංචිකරුවන් දෙදෙනෙක්ද නාවලපිටියේ පදිංචිකරුවෙක්ද සිටී. ඔවුන් වයස අවුරුදු 32ත් 23ත් අතර පසුවන්නන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version